මෙරට හමුදා සාමාජිකයින්ට පුහුණුව දිගටම. - ඉන්දියාව.
මෙරට හමුදා සාමාජිකයින්ට පුහුණුව දිගටම. - ඉන්දියාව.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පෙරවරු 08:04
මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට කෙටි කාලීන සහ දිගුකාලීන හමුදා
පුහුණුව අඛණ්ඩව ලබාදෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනි එරට
පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) යළි අවධාරණය කළා. තාක්ෂණික සහ තාක්ෂණික නොවන
පුහුණු වැඩසටහන් මේ අනුව මෙරට හමුදා සාමාජිකයන් වෙත ලබාදෙන බවයි ලෝක් සභාව
වෙත ලිඛිත ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ. ශ‍්‍රී ලංකාවේ මෙන්ම
අනෙකුත් අසල්වැසි රටවල හමුදා සඳහා ද මෙම පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන
බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ලෝක් සභා මන්ත‍්‍රීවරුන්
දෙදෙනෙකු නැගූ පැණයකට පිළිතුරු ලෙසයි. ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට
ඉන්දියාව තවදුරටත් හමුදා පුහුණුව ලබා දෙන්නේ දැයි ප‍්‍රශ්න කළේ පී. ලිංගම්
සහ ප‍්‍රබෝද් පාණ්ඩා යන මන්ත‍්‍රීවරුන් විසින්. ආරක්ෂක, අධ්‍යාපන සහ පුහුණු
ආයතන පිහිටා ඇති ස්ථාන මෙන්ම පුහුණු අවශ්‍යතා අනුව ඉන්දියාවේ විවිධ
ප‍්‍රාන්තවල මෙම හමුදා පුහුණු කටයුතු සිදුකෙරෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය
ඒ.කේ. ඇන්තනි කියා සිටියා. ශ‍්‍රී ලංකා හමුදාවන් වෙත පුහුණුව ලබාදීම
ඉන්දියාව තුළ විරෝධතාවලට හේතු වන්නේ දැයි ඔහු වෙත මෙහිදී ප‍්‍රශ්නයක් යොමු
වුණා. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව සියලූ අංශ කෙරෙහි
අවධානය යොමු කරන අතර, ජාතික අවශ්‍යතාවන් මත කටයුතු කරන බවයි.-------------------------------------------------------------------

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පෙරවරු 08:02
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (11) ආරම්භ
වනවා. විභාග මධ්‍යස්ථාන 4048කදී අද (11) ආරම්භ කෙරෙන විභාගය අවසන්වීමට
නියමිතව ඇත්තේ මේ මස 20 වැනිදායි. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් පන්ලක්ෂ
42,260 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනවා. ඉන් තුන් ලක්ෂ 87,593 දෙනෙකු
පාසල් අයදුම්කරුවන්. මෙවර විභාගය සඳහා ඉදිරිපත් වන පෞද්ගලික අයඳුම්කරුවන්ගේ
සංඛ්‍යාව එක්ලක්ෂ 54,667ක්. සාමාන්‍ය පෙළ විභාගය අද (11) පෙරවරු 8.30ට
ආරම්භ වන අතර මුලින්ම පැවැත්වෙන්නේ බුද්ධ ධර්මය ඇතුළු ආගමික විෂයන්. විභාගය
සඳහා ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ තැපැල් හැඳුනුම්පත
අනිවාර්ය කිරීමට විභාග දෙපාර්තමේන්තුව කලින් තීරණය කර තිබුණා. එහෙත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මේ වන විට පවතින තදබදය නිසා
සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට
අයදුම්කරුවන්ට විශේෂ පහසුකමක් සලසා දී තිබෙනවා. පාසල් අයදුම්කරුවන් එම
ඡායාරූප දෙක විදුහල්පතිවරයාගේ නිළ මුද්‍රාව සහිතව සහතික කළ යුතු අතර
පෞද්ගලික අයදුම්කරුවන් ග‍්‍රාම නිලධාරීවරයාගේ නිළ මුද්‍රාව සහිතව සහතික කර
ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ලබා ගත යුතු වනවා. විභාග අපේක්ෂකයන්
මෙන්ම නිරීක්ෂකයන්ට ද විභාග ශාලාව ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කරමින්
චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්. මේ අතර, විභාග වංචා පිළිබද තොරතුරු
ක්ෂණික දුරකථන අංක 1911ට දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්
කළේ.කෙසේ වෙතත්, මෙවර විභාගයේ දී ගැටළු ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (11) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමට ප‍්‍රතිචාර දක්වමිනුයි.
----------------------------------------------------------

මාතලේ සමූහ මිනි වලෙන් අඟුරු කැබලි හමුවෙයි.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පෙරවරු 07:56
මාතලේ මහරෝහල් භූමියේ සිදුකළ කැණීම්වලදී මිනිස් අස්ථි කොටස්වලට
අමතරව අඟුරු කොටස් ද හමුවී තිබෙනවා. ඊයේ (10) හමුවූ එම අඟුරු කොටස් විශේෂ
කාබන් පරීක්ෂාවක් සඳහා විදේශ පරීක්ෂණාගාරයක් වෙත යොමු කරන බවයි පුරාවිද්‍යා
පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ. මාතලේ මහරෝහලේ ජීව
වායු ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදී මුල් වරට එහි
තිබූ අස්ථි කොටස් හමුවූයේ පසුගිය 26 වැනිදායි. මේ වන විට කැණීම්වලදී පුද්ගල
අස්ථි කොටස් 43ක් එහි තිබී සොයාගෙන තිබෙනවා. මෙම ඇටසැකිලි සම්බන්ධයෙන්
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීමක් මත කැළණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්. එම
ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් ඒ අනුව ඊයේ (10) එම පරීක්ෂණ
කටයුතු ආරම්භ කළා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක වාර්තාවක්
ද නිකුත් කිරීමට තමන් සූදානම් බවයි.----------------------------------------------------------

අම්පාර අදත් සෙලවේ. - හේතුව ඉදිකිරීම් නොවේ.
2012 දෙසැම්බර් 10 සඳුදා- පස්වරු 06:42
අම්පාර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකින් අදත් විවිධ කම්පන
දැණුනු බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා. දේවාලහිඳ, ගල්කන්ද, පල්ලම්ඔය,
කියුලේගම සහ වඩිනාගල යන ප‍්‍රදේශවලට අද කම්පන තත්ත්වය ඇති වී තිබෙනවා. අද
(10) පෙරවරු 9.00 ත් 10.00 ත් අතර කාලය තුලදී තමන් මෙම අත්දැකීමට මුහුණ
දුන් බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට
පැහැදිලි කරන වඩිනාගල ග‍්‍රාම නිලධාරි සුසිල් රාජපක්ෂ.මෙම කම්පන ශබ්දය පිළිබදව දේවාලහිඳ සහ ගල්කන්ද ප‍්‍රදේශවාසීන් ද මෙලෙස හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.
පසුගිය සති කිහිපයේම වඩිනාගල - දේවාලහිඳ සහ පල්ලංගල ඇතුළු දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකින් මෙවැනි භූ චලනයන් වාර්තා වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් පසුගිය 03 වැනිදා එම ප‍්‍රදේශය වෙත පැමිණි අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප‍්‍රදේශයේ සවි කිරීමටයි ඔවුන් පියවර ගත්තේ. දැනට අම්පාර ප‍්‍රදේශයේ නිරීක්ෂණවල යෙදී සිටින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්නගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මෙම කම්පන සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මිනිස් කි‍්‍රයාකාරකමක් නිසා මෙම භූ චලන සිදුවන බවට දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් කරුණු අනාවරණය වන බවයි.
--------------------------------------------------------------------------------------------------------------------

උතුරේ, ගාල්ලේ සහ මාතර අධිකරණ කටයුතුවලට බාධා.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පස්වරු 01:07
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට විරෝධය පළ කරමින් නීතිඥවරු
සිය රාජකාරී කටයුතුවලින් බැහැර වීම නිසා උතුරු පළාතේ සහ ගාල්ල සහ මාතර
දිස්ත‍්‍රික්කවල අධිකරණ කටයුතුවලට අද (11) දිනයේ බාධා එල්ල වී තිබෙනවා. ඒ
අනුව උතුරු පළාතේ යාපනය, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව්
දිස්ත‍්‍රික්කවල දිසා, මහේස්ත‍්‍රාත් සහ මහාධිකරණ කටයුතුවලට බාධා එල්ල වී
ඇති බව සඳහන්. ඒ පිළිබදව පැහිදිලි කරන උතුරු පළාත් නීතිඥ සංගමයේ සභාපති
ඇන්ටන් පුනිදනායගම්.ගාල්ල දිස්ත‍්‍රික්කයේ අධිකරණ කටයුතුවලට ද අද (11) දිනයේ සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි ගාල්ල දිස්ත‍්‍රික් නීතිඥ සංගමයේ සභාපතිනී නලනී මනතුංග සදහන් කළ
මාතර දිස්ත‍්‍රික්කයේ නීතිඥවරුන් ද අද (11) අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටින බව දිස්ත‍්‍රික් නීතිඥ සංගමයේ සභාපති අනිල් බස්නායක කියා සිටියා.
-----------------------------------------------------------

ආණ්ඩුව තුළ 13ට පක්ෂ සන්ධානය බිහි වෙයි.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පස්වරු 01:09
13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව එක්සත් ජනාතා
නිදහස් සන්ධාන ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වෙනම සන්ධානයක්
පිහිටුවීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. ඊට අදාළව පක්ෂ නායකයන්,
අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ද ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා වෙත මෙම සතිය තුළ භාරදීමට නියමිතයි. මේ වන විටත්, ආණ්ඩුව තුළ
සිටින වාමාංෂික පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ
කිහිපක නියෝජිතයන් ඊට අත්සන් කර තිබෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ
අමාතවරුන් සහ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඊට එකඟත්වය පළ කර ඇති අතර,
කිහිප දෙනෙකු ඊට අත්සන් කර ඇති බව ද වාර්තා වුණා. අදාළ කටයුත්තකට මූලිකත්වය
ගෙන කටයුතු කරන්නේ ඊ.පී.ඞී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දායි. මෙම
අත්සන් ලේඛනය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී
වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්
කළා.පසුගිය දා ගාල්ලේ පැවැති රැස්වීමකදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් ද 13 වන සංශෝධනයට පක්ෂ ආණ්ඩුවේ සන්ධානය පිළිබදව සිය අදහස් පළ කළා.
-----------------------------------------------------------

නාගයා භාර ගැනීමට නළඟන දෙහිවලට.
අගෝස්තු 28 වැනි දින නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නමැති මෙම නළඟන සමග අත්අඩංගුවට ගත් නාගයා බැඳුම්කරයක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා. කෙසේ වෙතත්, අධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව, නිරෝෂා විමලරත්න නැමැති මෙම නළගන හිරු ප‍්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
------------------------------------------------------------------------------------------------------------------------

ලයන් එයාර් කැණීම්වලදී ඇඳුමක් හමුවෙයි.
ලයන් එයාර් ගුවන් යානය යාපනයේ පලාලි සිට රත්මලාන දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූයේ 1998 සැප්තැම්බර් මස 29 වැනිදායි. අතුරුදන් වන විට මෙම ගුවන් යානයේ මගීන් 48 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 7 දෙනෙකු ගමන් කරමින් සිටියා. මියගිය පුද්ගලයින්ගේ සිරුරු 31 ක් පුනරීන් - කවුඩාරිමුණේ ප‍්‍රදේශයේ වළදමා ඇති බවට අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරු කරුණු අනාවරණය කිරීමෙන් පසුවයි මෙම කැණීම් ආරම්භ කෙරු
මේ අතර, මිනිස් අස්ථි කොටස් හමුවූ මාතලේ මහරෝහල් භූමියේ සිදුකෙරෙන කැණීම් කටයුතු අත්හිටුවා නැතැයි රෝහල් වෛද්‍ය නිලධාරී වෛද්‍ය අර්ජුණ තිලකරත්න ප‍්‍රකාශ කළා. පසුගිය 26 වැනිදා මාතලේ මහරෝහලේ ජීව වායු ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදීයි මුල් වරට මිනිස් අස්ථි කොටස් හමුවුණේ. මේ වන විට කැණීම්වලදී පුද්ගල අස්ථි කොටස් 43ක් සහ මිනිස් හිස් කැබැලි කිහිපයක් ද හමුවී තිබෙනවා. ඊයේ මෙම ස්ථානය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගේ නිරීක්ෂණයට ලක්වුණා. ඔවුන් එහිදී සිදුකළ පරීක්ෂණවලදී මිනිස් අස්ථි කොටස්වලට අමතරව අඟුරු කොටස් කිහිපයක් ද හමුවී තිබෙනවා. එම අඟුරු කොටස් ඉදිරියේ දි විශේෂ කාබන් පරීක්ෂාවක් සඳහා විදේශ පරීක්ෂානාගාරයක් වෙත යොමු කරන බවයි මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කළේ. මෙම මිනිස් ඇට සැකිළි සහ හමුවූ මිනිස් හිස් කැබලි කොටස් කුමන කාලවකවානුවකට අයත් දැයි මෙතෙක් හෙළි වී නැහැ
---------------------------------------------------------

නීතීඥවරුන් රට පුරා විරෝධතාවයක. කමිටු යෝජනාවෙන් අලූත් බලාපොරොත්තුවක්.
එසේම ගාල්ල දිසා අධිකරණයේ සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ද මේ වනවිට රාජකාරි කටයුතුවලින් බැහැරවී සිටිනවා. අද පෙවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ.
බලපිටිය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් පිරිසක් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයට පක්ෂව තවත් විරෝධතාවයක් ඒ ආසන්නයේම පැවැත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරුන් පිරිසක් සහ තවත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කිහිපදෙනෙකුද ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී අනිල් ප‍්‍රියන්ත.
කෙසේ වෙතත් නීතීඥවරුන් විසින් අද පැවැත්වූ විරෝධතාවය නිසා නඩු විභාග සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ. නඩු විභාගයට වැල්ලවාය අධිකරණ සංකීර්ණය වෙත එලෙස පැමිණි ජනතාවගෙන් කිහිපදෙනෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට තමන් මුහුණ පෑ අපහසුතාවයන් මෙලෙස පැහැදිලි කළා.
මේ අතර දෝෂාභියෝග ක‍්‍රියාවලිය පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා යොමුකළ පෙත්සම් 7 ක් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සළකා බැලෙනවා. එම පෙත්සම් සළකා බැලීමේ විනිසුරු මඩුල්ලේ සිටින නිමල් ගාමිණී අමරතුංග ඊට නුසුදුසු යැයි පවසා පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ගොනු කෙරුණා. හිමි නමක් සහ මහර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරියක් විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ලේ සිටින විනිසුරු නිමල් ගාමිණී අමරතුංග අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු බවයි.
---------------------------------------------------------------------------------------------------------------

සියයට 10 ක බස් ගාස්තු වැඩිවීමක්.
කෙසේ වුවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ පිළිබඳ දක්වන්නේ වෙනත් අදහසක්.
බස් සංගම් සිදුකරන මෙම ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී. බී. රත්නායකගෙන්ද විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බස් ගාස්තු වැඩිවීමක් පෙබරවාරි මාසය වනවිට ලබාදීමට නියමිත බවයි. එහෙත් ගාස්තු වැඩිකිරීමේ ප‍්‍රතිශත තීරණය කරන්නේ අමාත්‍යාංශය මිස බස් සංගම් නොවන බවද ඔහු අවධාරණය කළා.
--------------------------------------------------------------------------------------

එ.ජා.ප. ය තවත් 6 කගේ සාමාජිකත්වය අත්හිටුවයි.
මේ අතර පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 54 වන සම්මේලනයෙන් පසු සම්මේලනය එහිදී ගත් තීරණ විවේචනය කළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද අද (12) තීරණය කෙරුණා. පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින අතර පන්නල, බියගම, ඉංගිරිය සහ උඩුබැද්දාව ප‍්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුද ඊට අයත්. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක.
------------------------------------------------------------

දෝෂාභියෝගය ගැන නව කථිකාවක්.
කෙසේ වෙතත් අධිනීතීඥ එස්.එල්. ගුණසේකර ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහසයි මේ.
එහෙත් මහාචාර්ය නලින් ද සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට මේ පිළිබඳ තම ස්ථාවරය මෙලෙස ප‍්‍රකාශ කළා.
මේ අතර, අද (12) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීද අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. විපක්ෂයේ සාමාජිකයන් 04 දෙනා ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පසුගිය 08 වැනිදා පෙරවරු 10 න් පසුව බව මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දෝෂාභියෝග කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාර දුන්නේ එදින පෙරවරු 09 ට පෙර බවද එහි දැක්වෙනවා. ඒ අනුව වාර්තාව භාර දෙන විට විපක්ෂයේ 04 දෙනාද කමිටුවේ නීත්‍යානුකූල සාමාජිකයන්. එහෙත් ඔවුන් නොසලකා හැර වාර්තාව ඉදිරිපත් කිරීමෙන් එහි වලංගුතාවක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අද සම්මත කෙරුණු ස්වාධීන කමිටු යෝජනාව පිළිබඳව පැහැදිලි කරන එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති තේරීම් කමිටු වාර්තාව ඉල්ලා අස්කර ගත යුතු බවයි. මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක.
ශ‍්‍රි ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසන්නේ ජනාධිපතිවරයාගේ ස්වාධීන කමිටු යෝජනාවත් සමග නීතීඥවරුන්ට නව බලාපොරොත්තුවක් මතුව ඇති බවයි.
------------------------------------------------------------------------------------------------------------

මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.
--------------------------------------------------------

අම්පාරේ භූ චලන දිවා කාලයේ පමණයි. විශේෂ පරීක්ෂණයක්.
අම්පාර දිස්ත‍්‍රික්කයේ දේවාලහිඳ, ගල්කන්ද, පල්ලම්ඔය, කියුලේගම සහ වඩිනාගල යන ප‍්‍රදේශවලින් පසුගිය දිනවල විවිධ භූ කම්පන වාර්තා වුණා. එම සියලූ භූ කම්පන වාර්තා වූයේ දහවල් කාලයේයී. කෙසේ වෙතත්, ඉකුත් සඳුඳා දිනයේ දහවල් කාලයේ දේවාලහිඳ ප‍්‍රදේශයට එම භූ කම්පන තත්ත්වය නැවතත් ඇතිවුණා. මේ, එදින හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.
අම්පාර දිස්ති‍්‍රක්කයේ විටින් විට වාර්තා වන මෙම භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය 03 වැනිදා එම ප‍්‍රදේශයට භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් පිටත්ව ගියා. තවමත් එම පිරිස් එහි පරීක්ෂණ සිදුකරන අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප‍්‍රදේශයේ සවි කිරීමට ඔවුන් පියවර ගනු ලැබුවා.
-----------------------------------------------------------

පරිභෝජනයට නුසුදුසු කරවල 7000Kg ක් අල්ලයි.
----------------------------------------------------------------------------------------------------------------

පෙට‍්‍රල් මිල රුපියල් 10කින් ඉහළට.
පෙට‍්‍රල් මිල ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 10කින් වැඩි කර තිබෙනවා. ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් මිලයි මෙලෙස ඉහළ නංවා ඇත්තේ. ඒ අනුව එම පෙට‍්‍රල් මිල රුපියල් 159 දක්වා ඉහළ යනවා. පෙට‍්‍රල් මිල අවසන් වරට වැඩි කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදායි. පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවනු ලැබුවා. කෙසේ නමුත් මෙවර ඞීසල් හෝ භූමි තෙල් මිල ඉහළ නංවා නැහැ. එමෙන්ම ඞීසල් ලීටරයක මිල රුපියල් 115ක් ලෙස ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106ක් ලෙස ද තවදුරටත් පවතිනු ඇති.
------------------------------------------------------------

තඹුත්තේගම සාදයක් අවසානයේ අයෙක් මරුට.
--------------------------------------------------------------------

දිඹුලාගලින් සොයාගත් අමුතු පාෂාණ කොළඹට.
මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කළේ මෙම සිද්ධිය තමන් වෙතද වාර්තා වී ඇති බවයි. ඒ අනුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ නිලධාරියෙක් පිටත් කර යැවීමට කටයුතු කළ බව වෛද්‍ය අනිල් සමරනායක තවදුරටත් සඳහන් කළා.
-----------------------------------------------------------

කඩුවෙල - වැලිවිට රිය අනතුරින් 4 ක් මරුට. 10 කට තුවාල.
මේ අතර නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ ලිස්සා යෑමෙන් පසුව පසුපසින් පැමිණි වෑන් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය පුද්ගලයා කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
---------------------------------------------------------

ගල්කිස්සේ පිළිස්සුණු මළ සිරුරු ගැන 10ගෙන් ප‍්‍රශ්න කරයි.
ගල්කිස්ස - කල්දේමුල්ල ප‍්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුණ මළ සිරුර 3 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (18) පැවැත්වීමට නියමිත බවයි. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන මෙම මළ සිරුරු 3 හමුවුණා. මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව සහ කුඩා ළමුන් දෙදෙනෙක්. මවගේ වයස අවුරුදු 31ක් වන අතර, මිය ගිය දරුවන් දෙදෙනා අවුරුදු 3ක් සහ මාසයක් වයසැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. මොවුන් මිය ගිය ආකාරය සම්බන්ධයෙන් සැකසහිත බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මිය ගිය මව මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක බව ද සඳහන්.
-----------------------------------------------------------------------------------------------------------------

ගාලූ කොටුවේ කැණීම්වලින් තවත් මිනිස් ඇටසැකිලි.
ගාලූ කොටු පවුර තුළ සිදුකළ කැණීම්වලදී ප‍්‍රථම වතාවට ලන්දේසි යුගයට අයත් සුසාන භූමියක් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම කැණීම මෙහෙය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරිනී මංජුලා බුලත්සිංහල සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් ද මෙම ස්ථානය ඊයේ (17) පරීක්ෂාවට ලක් කළ බවයි. පසුගිය බදාදා මෙම ස්ථානයෙන් පළමු මිනිස් ඇට සැකිලි හමුවූ බවත්, ඊයේ වන විට තුන් දෙනෙකුගේ මිනිස් ඇට සැකිලි එම ස්ථානයෙන් හමුවී ඇති බවත්, ඇය සඳහන් කළා.
------------------------------------------------------------------------------------------------------------

සරසවි ඇඳුරන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොරොන්දුවක්.
------------------------------------------------------------------------------------------------------------

අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි.
අද (18) දිනයේත් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලත්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් මෙන්ඩිස් සඳහන් කළේ දිවයිනේ දකුණු කොටසේ සහ යාබද මුහුදු ප‍්‍රදේශවල පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මීට හේතුවී ඇති බවයි.
----------------------------------------------------------------------------------------------------------

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ විභාගයක්.
----------------------------------------------------------------------------------------------------------

හලාවතින් මුහුදු ගිය ධීවරයින් 5 දෙනෙකු අතුරුදන්.
-------------------------------------------------------------------------------------------------------------

ගල්කිස්ස ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට.
මිය ගිය කාන්තාවගේ සහ ඇගේ දරු දෙදෙනාගේ මළ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) පැවැති අතර එහිදී මෙම කාන්තාව සහ ඇගේ අවුරුදු 3ක් වයසැති වැඩිමහල් පුත‍්‍රයාගේ මිය යාම ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගෙල සිර කිරීමෙන් මෙම මව සහ වැඩිමහල් පුතු ඝාතනය කර ඇති බවයි. මසක් වයසැති බිළිදා ගිනි රස්නය වැදීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
---------------------------------------------------------------------------------------------------------

0 comments:
Post a Comment