
ගල්කිස්සේ පිළිස්සුණු මළ සිරුරු ගැන 10ගෙන් ප‍්‍රශ්න කරයි.
ගල්කිස්ස - කල්දේමුල්ල ප‍්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුණ මළ සිරුර 3 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (18) පැවැත්වීමට නියමිත බවයි. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන මෙම මළ සිරුරු 3 හමුවුණා. මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව සහ කුඩා ළමුන් දෙදෙනෙක්. මවගේ වයස අවුරුදු 31ක් වන අතර, මිය ගිය දරුවන් දෙදෙනා අවුරුදු 3ක් සහ මාසයක් වයසැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. මොවුන් මිය ගිය ආකාරය සම්බන්ධයෙන් සැකසහිත බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මිය ගිය මව මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක බව ද සඳහන්.
0 comments:
Post a Comment