Monday, December 10, 2012

මාතලේ සමූහ මිනි වලෙන් අඟුරු කැබලි හමුවෙයි.



මාතලේ සමූහ මිනි වලෙන් අඟුරු කැබලි හමුවෙයි.

2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පෙරවරු 07:56
මාතලේ මහරෝහල් භූමියේ සිදුකළ කැණීම්වලදී මිනිස් අස්ථි කොටස්වලට අමතරව අඟුරු කොටස් ද හමුවී තිබෙනවා. ඊයේ (10) හමුවූ එම අඟුරු කොටස් විශේෂ කාබන් පරීක්ෂාවක් සඳහා විදේශ පරීක්ෂණාගාරයක් වෙත යොමු කරන බවයි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ. මාතලේ මහරෝහලේ ජීව වායු ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදී මුල් වරට එහි තිබූ අස්ථි කොටස් හමුවූයේ පසුගිය 26 වැනිදායි. මේ වන විට කැණීම්වලදී පුද්ගල අස්ථි කොටස් 43ක් එහි තිබී සොයාගෙන තිබෙනවා. මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීමක් මත කැළණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්. එම ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් ඒ අනුව ඊයේ (10) එම පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක වාර්තාවක් ද නිකුත් කිරීමට තමන් සූදානම් බවයි.

0 comments: