Wednesday, December 12, 2012

නීතීඥවරුන් රට පුරා විරෝධතාවයක. කමිටු යෝජනාවෙන් අලූත් බලාපොරොත්තුවක්.


නීතීඥවරුන් රට පුරා විරෝධතාවයක. කමිටු යෝජනාවෙන් අලූත් බලාපොරොත්තුවක්.


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වී තිබූ දෝෂාභියෝගය විමර්ශනය කළ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් දිවයින පුරා නීතීඥයින් සිය සේවා කටයුතුවලින් ඉවත්වී අද උදෑසන පැයක කාලයක් විරෝධතාවයක නිරතවුණා. පෙරවරු 10 සිට 11 දක්වා පැවති මෙම විරෝධතාවයට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයට අනුබද්ධ නීතීඥ සංගම් 80 ක පමණ සාමාජිකයින් 14000 ක් පමණ එක්ව සිටි බවයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ප‍්‍රකාශ කළේ. මෙම කාලයේදී අධිකරණ තුළ නඩු විභාග කටයුතු සිදු නොවූ බව හිරු අධිකරණ වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා. උතුරු පළාතේ මෙන්ම මහනුවර, කොළඹ - කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ නීතීඥවරුන් සිය රාජකාරිවලින් බැහැරවීම නිසා අද දිනයේ එම අධිකරණ තුළ නඩු විභාගයට ගැනීම සිදු නොවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම ගාල්ල දිසා අධිකරණයේ සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ද මේ වනවිට රාජකාරි කටයුතුවලින් බැහැරවී සිටිනවා.  අද පෙවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ.

        

බලපිටිය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් පිරිසක් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයට පක්ෂව තවත් විරෝධතාවයක් ඒ ආසන්නයේම පැවැත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරුන් පිරිසක් සහ තවත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කිහිපදෙනෙකුද ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී අනිල් ප‍්‍රියන්ත.



කෙසේ වෙතත් නීතීඥවරුන් විසින් අද පැවැත්වූ විරෝධතාවය නිසා නඩු විභාග සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ. නඩු විභාගයට වැල්ලවාය අධිකරණ සංකීර්ණය වෙත එලෙස පැමිණි ජනතාවගෙන් කිහිපදෙනෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට තමන් මුහුණ පෑ අපහසුතාවයන් මෙලෙස පැහැදිලි කළා.



මේ අතර දෝෂාභියෝග ක‍්‍රියාවලිය පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා යොමුකළ පෙත්සම් 7 ක් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සළකා බැලෙනවා. එම පෙත්සම් සළකා බැලීමේ විනිසුරු මඩුල්ලේ සිටින නිමල් ගාමිණී අමරතුංග ඊට නුසුදුසු යැයි පවසා පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ගොනු කෙරුණා. හිමි නමක් සහ මහර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරියක් විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ලේ සිටින විනිසුරු නිමල් ගාමිණී අමරතුංග අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු බවයි.

0 comments: