දිඹුලාගලින් සොයාගත් අමුතු පාෂාණ කොළඹට.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ගල් තලාවකට ආලෝක ධාරාවක් සමඟ හඳුනා
නොගත් පාෂාණ කොටස් කිහිපයක් පතිත වී ඇති බව ඊයේ වාර්තාවුණා. පෙරේදා අළුයම
03 ට පමණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව ප‍්‍රදේශයේ වැඩ සිටි
භික්ෂූණ් වහන්සේලා උල්කා වර්ෂාවක් වැනි යමක් ගල්තලාවට ඇද වැටෙන අයුරු
නිරීක්ෂණය කර තිබෙනවා. අනතුරුව පසුදා උදෑසන අදාල ප‍්‍රදේශය නිරීක්ෂණය
කිරීමේදී මෙලෙස හඳුනා නොගත් පාෂාණ කොටස් කිහිපයක් සොයාගෙන ඇති බවයි
වාර්තාවුණේ. මෙම පාෂාණ කොටස් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා. මේ
සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු දිඹුලාගල ආරණ්‍ය
සේනාසනයේ වැඩ වසන පූජ්‍ය පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන්.
මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය
කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල්
සමරනායක සඳහන් කළේ මෙම සිද්ධිය තමන් වෙතද වාර්තා වී ඇති බවයි. ඒ අනුව අදාළ
ස්ථානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ නිලධාරියෙක් පිටත් කර යැවීමට කටයුතු කළ බව
වෛද්‍ය අනිල් සමරනායක තවදුරටත් සඳහන් කළා.
0 comments:
Post a Comment