ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් මේ වනවිට කොළඹදී ආරම්භ වී තිබෙනවා. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක වරදකාරිය කරමින් දෝෂාභියෝග විමර්ශන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ලබාදුන්
තීන්දුව සමග ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ඊට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණයි. මෙම රැස්වීම පස්වරු 4.00 ට ආරම්භ වී ඇති අතර එය මේ වනවිටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ./
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සිය කටයුතු ඊයේ (08) අවසන් කළා. එහි නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා 14 න් චෝදනා 5 ක් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ බවයි. ඉන් චෝදනා 3 ක් සම්බන්ධයෙන් ඇය වරදකාරිය බවට තේරීම්කාරක සභාව නිගමනය කර ඇති බවයි මෙම තේරීම්කාරක සභාව් සභාපති අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා කියා සිටියේ.
කෙසේ වෙතත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට අධිකරණයමය බලයක් තිබේ ද යන්න පිළිබඳව මේ මස 13 සහ 14 යන දිනයන්හිදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබාදීමට නියමිතයි. එදිනට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සලකා බලා අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ලබාදුන් තීරණයට අනුව තම අවසන් මතය ප‍්‍රකාශ කරන බව ද අගවිනිසුරුවරිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින නීතීඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වනවිට ආරම්භ වී ඇති ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභා රැස්වීම පිළිබඳව අදහස් දක්වන නීතීඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය.
0 comments:
Post a Comment