ගල්කිස්ස ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට.
ගල්කිස්ස - කල්දෙමුල්ල ප‍්‍රදේශයේ දී මවකගේ සහ දරු දෙදෙනාගේ
පිළිස්සුණු මළ සිරුරු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ
ස්වාමි පුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (18) අත්අඩංගුවට ගත් සැකකරු අද (19)
ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. බිරිද සමග
පැවැති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී
අනාවරණය වී තිබෙනවා. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක වූ 31
හැවිරිදි සචේතනා සඳමාලි සිල්වාගේ සහ ඇයගේ වයස අවුරුදු 3ක් සහ මසක් වයසැති
දරු දෙදෙනාගේ පිළිස්සුණු මළ සිරුරු පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය
17 වැනිදායි. ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකට
අනුවයි.
මිය ගිය කාන්තාවගේ සහ ඇගේ දරු දෙදෙනාගේ මළ සිරුරු
පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) පැවැති අතර එහිදී මෙම කාන්තාව සහ ඇගේ
අවුරුදු 3ක් වයසැති වැඩිමහල් පුත‍්‍රයාගේ මිය යාම ඝාතනයක් බවට තොරතුරු
අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගෙල සිර
කිරීමෙන් මෙම මව සහ වැඩිමහල් පුතු ඝාතනය කර ඇති බවයි. මසක් වයසැති බිළිදා
ගිනි රස්නය වැදීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
0 comments:
Post a Comment