Tuesday, December 11, 2012

ලයන් එයාර් කැණීම්වලදී ඇඳුමක් හමුවෙයි.


ලයන් එයාර් කැණීම්වලදී ඇඳුමක් හමුවෙයි.


ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු කොටස් සොයා පුනරීන් - කණ්ඩාරිමුණේ ප‍්‍රදේශයේ සිදුකරන කැණීම්වලදී යානයේ ගමන් ගත් මගියෙකුගේ යැයි සැක කෙරෙන ඇඳුමක් සොයාගෙන තිබෙනවා. මෙහි පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරගේ ප‍්‍රධානත්වයෙන්. අද (11) සිදුවන කැණීම් කටයුතුවල නවතම තත්ත්වය දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සනත් පි‍්‍රයන්ත.

ලයන් එයාර් ගුවන් යානය යාපනයේ පලාලි සිට රත්මලාන දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූයේ 1998 සැප්තැම්බර් මස 29 වැනිදායි. අතුරුදන් වන විට මෙම ගුවන් යානයේ මගීන් 48 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 7 දෙනෙකු ගමන් කරමින් සිටියා. මියගිය පුද්ගලයින්ගේ සිරුරු 31 ක් පුනරීන් - කවුඩාරිමුණේ ප‍්‍රදේශයේ වළදමා ඇති බවට අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරු කරුණු අනාවරණය කිරීමෙන් පසුවයි මෙම කැණීම් ආරම්භ කෙරු
මේ අතර, මිනිස් අස්ථි කොටස් හමුවූ මාතලේ මහරෝහල් භූමියේ සිදුකෙරෙන කැණීම් කටයුතු අත්හිටුවා නැතැයි රෝහල් වෛද්‍ය නිලධාරී වෛද්‍ය අර්ජුණ තිලකරත්න ප‍්‍රකාශ කළා. පසුගිය 26 වැනිදා මාතලේ මහරෝහලේ ජීව වායු ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදීයි මුල් වරට මිනිස් අස්ථි කොටස් හමුවුණේ. මේ වන විට කැණීම්වලදී පුද්ගල අස්ථි කොටස් 43ක් සහ මිනිස් හිස් කැබැලි කිහිපයක් ද හමුවී තිබෙනවා. ඊයේ මෙම ස්ථානය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගේ නිරීක්ෂණයට ලක්වුණා. ඔවුන් එහිදී සිදුකළ පරීක්ෂණවලදී මිනිස් අස්ථි කොටස්වලට අමතරව අඟුරු කොටස් කිහිපයක් ද හමුවී තිබෙනවා. එම අඟුරු කොටස් ඉදිරියේ දි විශේෂ කාබන් පරීක්ෂාවක් සඳහා විදේශ පරීක්ෂානාගාරයක් වෙත යොමු කරන බවයි මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කළේ. මෙම මිනිස් ඇට සැකිළි සහ හමුවූ  මිනිස් හිස් කැබලි කොටස් කුමන කාලවකවානුවකට අයත් දැයි මෙතෙක් හෙළි වී නැහැ

0 comments: