Tuesday, December 11, 2012

නාගයා භාර ගැනීමට නළඟන දෙහිවලට.


නාගයා භාර ගැනීමට නළඟන දෙහිවලට.


නාගයෙකු සමඟ සිටි නළගන පිළිබදව පසුගිය දා සමාජයේ වැඩි අවධානයක් යොමු වුණා. කොල්ලූපිටියේ සමාජ ශාලාවක් තුළදී අත්අඩංගුවට ගත් එම නළ`ගනට යළි නාගයා ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න පසුගිය 06 වන දා  කොල්ලූපිටිය පොලිසිය වෙත නියෝග කළා. ඒ අනුව ඇය අද (11) නාගයා යළි ලබා ගැනීම සඳහා දෙහිවල සත්ත්ව උද්‍යානය වෙත පැමිණීමට නියමිතයි. අධිකරණය නිකුත් කළ නියෝගය ලබා ගැනීම සඳහා මෙම නළගන අද (11) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණි බවයි හිරු අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ.  අදාළ නියෝගය ලබාගෙන ඇය මේ වන විට දෙහිවල සත්ත්ව උද්‍යානය වෙත ගමන් කරමින් සිටිනවා.



අගෝස්තු 28 වැනි දින නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නමැති මෙම නළඟන සමග අත්අඩංගුවට ගත් නාගයා බැඳුම්කරයක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා. කෙසේ වෙතත්, අධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව, නිරෝෂා විමලරත්න නැමැති මෙම නළගන හිරු ප‍්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

0 comments: