අගවිනිසුරුවරිය චෝදනා තුනකට වරදකාරිය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක්
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා අතරින් තුනකට ඇය
වරදකාරිය
වී ඇති බව විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කරයි.සමස්ථ චෝදනාවලින් චෝදනා පහක් විභාගයට ගත් බවත් ඉන් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය වන අතර චෝදනා දෙකකින් ඇය නිදහස් වන බව තේරීම් කමිටුවේ තීරණය යයි එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය.
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති ඉතිරි චෝදනා විභාගයට ගැනීම කාලය විනාශ කිරීමක් පමණක් වන හෙයින් ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් නොපැවැත්වෙන බවත් නිමල් සිරිපාල ද සිල් වා ඇමතිවරයා ඉහත කී මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරි ක්‍රියා මාර්ග සඳහා අද සිට මාසයක කාලයක් ඇති බව සඳහන් කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මේ කාලය තුළ අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීමට හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බවත් ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවලට වැරදිකාරිය වී නැති බවයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස් ප්‍රකාශ කලේ.
තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් හත්දෙනකුගේ වාර්තාවක් ඉදිරිපත්කොට ඇති බවත් යම් යම් චෝදනාවලට අගවිනිසුරුවරිය වැරදිකාරිය කොට තිබෙන බවත් පැවසූ ඔහු එම තීරණය ප්‍රතික්‍ෂේප කරන බව පැවසුවේය.
සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බව කියා සිටි නීතිඥ සාලිය පීරිස් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා සාක්‍ෂිකරුවන් ගෙන එන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පැමිණිලි පාර්ශ්වය පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් තුළ උත්තර බඳින ලෙස ලේඛණ අනූවක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් කළේ .

අගවිනිසුරුවරිය ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක
කෙසේවෙතත් සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බව තේරීම් කාරක සභාව වෙත අගවිනිසුරුවරිය විසින් දන්වා තිබෙන බව ප්‍රකාශ කළ නීතිවේදී සාලිය පීරිස් ඉදිරි සති කිහිපය තුලදී අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි කියා සිටියේ.
ස්ථාවර නියෝගවල ඇති වලංගුභාවය පිළිබඳව අර්ථ නිරූපනය කිරීමේ නඩුවක් ශේෂ්ටාධිකරණය හමුවේ ලබන සතියේ විභාග කිරීමට නියමිත බවත් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක් නැති බව පවසමින් තේරීම් කාරක සභාවේ නියෝජනය වූ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන් ඉල්ලා අස් වී සිටි අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් තොරවයි තීන්දුව ගනු ලැබුනේ.
ප්‍රකාශයට පත්කොට ඇති තීන්දුවට ප්‍රතිචාර දක්වමින් තේරීම් කාරක සභාව තුළ නියෝජනයවූ , එජාප මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ මෙය අසාධාරණ හා අවිචාරවත් තීන්දුවක් බවයි.
මෙවැනි තත්වයන් අනාගතයේදී ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු දෙදෙනාම අවධාරණය කරති.
කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය කාලයෙහි විපක්ෂයක් නොමැති ආකාරයට ක්‍රියා කිරීම හේතුවෙන් වත්මන් තත්වය නිර්මානය කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම භාර ගත යුතු බවයි.
0 comments:
Post a Comment