
දෝෂාභියෝගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කඩිනමින් අභියාචනාධිකරණයට.
එහෙත් එම පෙත්සම්වලට අදාළ නීතිඥවරුන්ට අද (14) දිනයේ දී කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ප‍්‍රකාශ කළා. ඒ අනුව එම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද (14) දිනයේ කරුණු දක්වා තිබෙනවා. වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි නීතිපතිවරයා ද අද (14) දිනයේ සිය කරුණු දැක්විම් අවසන් කළා.
ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කි‍්‍රයාපටිපාටියට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය.
ජනාධිපති නීතිඥ රසීක් සරූෆ් මුල් පෙත්සම් 7ට මැදිහත්වීමට ඉල්ලා පසුව ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක්. අද (14) දිනයේ නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා.
0 comments:
Post a Comment