
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් සාකච්ඡාවක.
2012 දෙසැම්බර් 10 සඳුදා- පස්වරු 12:30
දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගෙන ඇති
තීරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක
නිරතවනවා. නීතීඥ ක‍්‍රිෂ්මාල් වීරසූරිය හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ
සාකච්ඡාවේදී තමන් ගන්නා තීරණ පිළිබඳව හෙට (11) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී
ජනතාව දැනුවත් කරන බවයි. මේ අතර ඊයේ දිනයේද ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවද අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණය පිළිබඳව සාකච්ඡාවක නිරතවුණා. එම තීරණයට විරෝධය පළ කරමින් ලබන බදාදා දිවයින පුරා සියලූ අධිකරණ ඉදිරිපිට පැයක විරෝධතාවයක නිරතවීමට එහිදී තීරණය කළ බව එම සංගමයේ ලේකම් සංජය ගමගේ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.
0 comments:
Post a Comment