Friday, December 14, 2012

හිරු, නාග නළඟනගේ ඇත්ත හෙළි කර ගනී.


හිරු, නාග නළඟනගේ ඇත්ත හෙළි කර ගනී.


නාගයෙකු ළඟ තබාගැනීමේ සිද්ධියත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිරෝෂා විමලරත්න හෙවත් නළඟන පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා තොරතුරු රැසක් හෙළිදරව් වුණා. මේ හේතුව නිසා හිරු ප‍්‍රවෘත්ති අංශය ඇය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලූ අතර, එහිදී අප සොයා ගත් තොරතුරු හා නළඟන හෙළිකළ තොරතුරු අතර පරස්පරතා රැසක් පැවතුණා.

නිරෝෂා විමලරත්න නැමැති තරුණිය කරළියට පැමිණියේ කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් සමගයි. ඒ අනුව පසුගිය අගෝස්තු 28 වන දා කොල්ලූපිටිය පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගත්තා. ඒ, ඇයගේ නාගයා ද සමගින්. ඉන් අනතුරුව ඇයට පොලිසිය විසින් නඩු පැවරුණු අතර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝෂා විමලරත්න ඇප මත නිදහස් කෙරුණා. ඇය සතුව සිටි නාගයා දෙහිවල සත්ත්වෝද්‍යානයට යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වෙතත් ඇය මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කර තිබුණේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. නමුත් නිරෝෂා විමලරත්නගේ උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ ඇගේ මව මෙරට උපන් සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ ලෙසයි. නිරෝෂා මාධ්‍යයට සඳහන් කළේ ඇය 8 වන ශ්‍රේණිය දක්වා මෙරට අධ්‍යාපන හැදෑරූ බව සහ ඉන් පසුව ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය පිටත්ව ගිය  බවයි. 2007 වසරේ දන්තුරේ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රතිඵල ලේඛනයේ සදහන් වනවා.

 ඇය තමාට නාගයා ලැබුණේ මහනුවර - දොඩම්වල දේවාලයේ භාවනා කරමින් සිටින අතුරතුරදී බව ප‍්‍රකාශ කළත් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ ඇය ගාලූමුවදොර පිටියට පැමිණෙන අහිකුණ්ටක පුද්ගලයෙකුගෙන් මෙම නාගයා මිලදී ගත් බවයි. රුපියල් 20,000කට නාගයා මිලදී ගෙන තිබුණේ භාරයක් ඔප්පු කිරීමට යැයි  පවසමින්.

මේ අතර, මහනුවර - දොඩම්වල දේවාලයේ දී නාගයා තමන්ට හමුවූ බව නිරෝෂා පවසන නිසා අප එම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන ඩබ්ලිව්.ජී. දසනායකගෙන් ඒ පිළිබදව විමසීමක් කළා.

 මෙම පරස්පර විරෝධී අදහස් දැන ගැනීම සඳහා හිරු ප‍්‍රවෘත්ති අංශය නිරෝෂා විමලරත්න ඊයේ (14) දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එහිදී ඇය දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

0 comments: