කඩුවෙල - වැලිවිට රිය අනතුරින් 4 ක් මරුට. 10 කට තුවාල.
කොළඹ - කඩුවෙල මාර්ගයේ වැලිිවිට මංසන්ධියේදී ඊයේ රාත‍්‍රියේ
සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත්
පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීවිතක්‍ෂයට පත්වූවන් අතර
කාන්තාවක් දෙදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා
සිටියේ. තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය සඳහන්
කළා. කොළඹ සිට කඩුවෙල දෙසට ගමන් ගත් වෑන් රථයක් ලොරි රථයකට ඉස්සර කිරීමට
යාමේදී කඩුවෙල සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක සහ ලොරි රථයේ එම වෑන් රථය
ගැටී තිබෙනවා. වෑන් රථයේ පැමිණි පිරිස යටියන්තොට ප‍්‍රදේශයේ පදිංචිකරුවන්
පිරිසක්. ඔවුන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ නිවසක පැවති උත්සවයකට සහභාගි වී ආපසු
යමින් සිටියදියි මෙම අනතුර සිදුවී ඇත්තේ. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්
දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා
සිටියේ.
මේ අතර නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප‍්‍රදේශයේ
සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඔහු ගමන්
ගත් යතුරුපැදිය මාර්ගයේ ලිස්සා යෑමෙන් පසුව පසුපසින් පැමිණි වෑන් රථයට
යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය
සඳහන් කළේ. මියගිය පුද්ගලයා කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
0 comments:
Post a Comment