දෝෂාභියෝගය විමර්ශනය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මාට ලිපියක් යවන එජාපයේ මාධ්‍ය අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා, වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිලිබඳ හරාරේ ප්‍රතිපත්ති අනුගමණය කරන්නේ දැයි සොයා බලා වාර්තා කරන මෙන් අමාත්‍ය කමිටුවට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි.
"අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත්කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා," සිය ලිපිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසීය.
තරුණ නීතිඥ සංගමය
'ආදර්ශයක් විය යුතු මොහොතක්'
"අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පනස් ගාණක එහි මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත් කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා"
මංගල සමරවීර මන්ත්‍රීවරයා
සමස්ථ චෝදනාවලින් චෝදනා පහක් විභාගයට ගත් බවත් ඉන් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය වන අතර චෝදනා දෙකකින් ඇය නිදහස් වන බව තේරීම් කමිටුවේ තීරණය යයි එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය.
කෙසේ නමුත්, අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවලට වැරදිකාරිය වී නැති බව පැවසූ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස්, තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් හත්දෙනකුගේ වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව ද බීබීසී සංදේශයට පැවසීය.
සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බව කියා සිටි නීතිඥ සාලිය පීරිස් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා සාක්‍ෂිකරුවන් ගෙන එන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පැමිණිලි පාර්ශ්වය පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් තුළ උත්තර බඳින ලෙස ලේඛණ අනූවක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් කළේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරන තරුණ නීතිඥ සංගමය, "දෝෂසහගත" සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය හෙලා දකින මෙන් ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලීමක් කරයි.
තේරීම් කාරක සභාවේ තීන්දුවට පෙරාතුවම එහි ආණ්ඩු පක්ෂ සාමාජිකයන් සිවු දෙනකු අගවිනිසුරුවරිය වැරදිකාරිය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බව පවසන තරුණ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම "නීති විරෝධී" ක්‍රියාදාමය සම්බන්ධයෙන් ලොව පුරාම රටවල නීතිවේදී සංවිධාන දැනුවත් කරන මෙන්ද ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලා සිටියි.
පළාත් සභාවල බොහෝ බලතල බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ විෂය පථයට පැවරෙන 'දිවි නැගුම' පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුවක් වූ බවද නීතිවේදී නුවන් බෝපගේ ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනය වැඩිදුරටත් පවසයි.
0 comments:
Post a Comment