Wednesday, December 12, 2012

එ.ජා.ප. ය තවත් 6 කගේ සාමාජිකත්වය අත්හිටුවයි.


එ.ජා.ප. ය තවත් 6 කගේ සාමාජිකත්වය අත්හිටුවයි.


2013 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ජනවාරි 10 වැනිදායින් පසුව සිදුකිරීමට අද (12) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය, ජාතික සංවිධායක ධුරය ඇතුළු අනෙකුත් තනතුරු එලෙස පත් කෙරෙනු ඇති. පක්ෂ නායකත්වය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් පසුගියදා සම්මත කරගත් අතර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව මහ ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා පත් කරන්නේ පක්ෂ නායකත්වය විසින්. එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ජනවාරි 07 වැනිදා සිට ආරම්භ කිරීමටද අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.



මේ අතර පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 54 වන සම්මේලනයෙන් පසු සම්මේලනය එහිදී ගත් තීරණ විවේචනය කළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද අද (12) තීරණය කෙරුණා. පඩුවස්නුවර  ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින අතර පන්නල, බියගම, ඉංගිරිය සහ උඩුබැද්දාව ප‍්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුද ඊට අයත්. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක.

0 comments: