Tuesday, December 11, 2012

ආණ්ඩුව තුළ 13ට පක්ෂ සන්ධානය බිහි වෙයි.


ආණ්ඩුව තුළ 13ට පක්ෂ සන්ධානය බිහි වෙයි.

2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පස්වරු 01:09
13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව එක්සත් ජනාතා නිදහස් සන්ධාන ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වෙනම සන්ධානයක් පිහිටුවීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. ඊට අදාළව පක්ෂ නායකයන්, අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම සතිය තුළ භාරදීමට නියමිතයි. මේ වන විටත්, ආණ්ඩුව තුළ සිටින වාමාංෂික පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ කිහිපක නියෝජිතයන් ඊට අත්සන් කර තිබෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාතවරුන් සහ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඊට එකඟත්වය පළ කර ඇති අතර, කිහිප දෙනෙකු ඊට අත්සන් කර ඇති බව ද වාර්තා වුණා. අදාළ කටයුත්තකට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඊ.පී.ඞී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දායි. මෙම අත්සන් ලේඛනය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක් කළා.

පසුගිය දා ගාල්ලේ පැවැති රැස්වීමකදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් ද 13 වන සංශෝධනයට පක්ෂ ආණ්ඩුවේ සන්ධානය පිළිබදව සිය අදහස් පළ කළා.

0 comments: