කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ස්ථාන දෙකකින් වසයි.
සෝමාවතිය ප‍්‍රදේශයේ සිට සුංගාවිල දෙසට බෝට්ටුවකින් ගමන් කරමින්
සිටි පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා. ඊයේ (18) රාත‍්‍රියේ මොවුන් ගමන්
කරමින් සිටි බෝට්ටුව ගසක හැපී පෙරළී ඇති බවයි පුලස්තිපුර පොලීසිය සඳහන්
කළේ. බෝට්ටුවේ 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් 10 දෙනෙකු දිවි
ගලවාගෙන ඇති බව සදහන්. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වන විට
සිදුකරමින් පවතිනවා. මේ අතර පවතින අධික වැසි හේතුවෙන් දැදුරුඔය පිටාර
ගැලීම නිසා කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ජයබිම සහ ලූණුඔය ප‍්‍රදේශවලින්
වසා දමා තිබෙනවා. ප‍්‍රදේශයේ ෂා වාර්තාකරු සඳහන් කළේ පවුල් 1500ක් පමණ මේ
වන විට කොටුව ඇති බවයි. ඔවුන් බේරා ගැනීම සඳහා නාවික හමුදාව විසින්
මෙහෙයුම් දියත් කර තිබෙනවා. දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් පල්ලම
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලැන්කැළේ ගම්මානයේ පවුල් 25ක් පමණ සිර වී
ඇති බව ෂා වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම පානම - පොතුවිල් ප‍්‍රධාන මාර්ගය
කින්කොසුව සහ හීන්කොසුව ප‍්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් පානම
ගම්වැසියන් කොටුවීමේ අවධානමක් ඇති බවයි ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ
සභාපතිවරයා කියා සිටියේ.
0 comments:
Post a Comment