හලාවතින් මුහුදු ගිය ධීවරයින් 5 දෙනෙකු අතුරුදන්.
හලාවත මුහුදු තීරයෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය පුද්ගලයින්
5 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොවුන් මේ මස 16 වැනිදා ධීවර කටයුතු සදහා ඈත
දියඹට ගොස් ඇති අතර ඔවුන් පිළිබද ඊයේ (18) වන විටත් කිසිදු තොරතුරක් ලැබී
නොමැති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි. අතුරුදන් වූ ධීවරයින් හලාවත,
සුදුවැල්ල සහ බංගදෙණිය ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් අවුරුදු 32, 34,
41, 43 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
කාර්යාලය සඳහන් කළා.
0 comments:
Post a Comment