Monday, December 10, 2012

අම්පාර අදත් සෙලවේ. - හේතුව ඉදිකිරීම් නොවේ.

  

අම්පාර අදත් සෙලවේ. - හේතුව ඉදිකිරීම් නොවේ.

2012 දෙසැම්බර් 10 සඳුදා- පස්වරු 06:42
අම්පාර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකින් අදත් විවිධ කම්පන දැණුනු බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා. දේවාලහිඳ, ගල්කන්ද, පල්ලම්ඔය, කියුලේගම සහ වඩිනාගල යන ප‍්‍රදේශවලට අද කම්පන තත්ත්වය ඇති වී තිබෙනවා. අද (10) පෙරවරු 9.00 ත් 10.00 ත් අතර කාලය තුලදී තමන් මෙම අත්දැකීමට මුහුණ දුන් බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන වඩිනාගල ග‍්‍රාම නිලධාරි සුසිල් රාජපක්ෂ.

 මෙම කම්පන ශබ්දය පිළිබදව දේවාලහිඳ සහ ගල්කන්ද ප‍්‍රදේශවාසීන් ද මෙලෙස හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.


 පසුගිය සති කිහිපයේම වඩිනාගල - දේවාලහිඳ සහ පල්ලංගල ඇතුළු දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකින් මෙවැනි භූ චලනයන් වාර්තා වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් පසුගිය 03 වැනිදා එම ප‍්‍රදේශය වෙත පැමිණි අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප‍්‍රදේශයේ සවි කිරීමටයි ඔවුන් පියවර ගත්තේ. දැනට අම්පාර ප‍්‍රදේශයේ නිරීක්ෂණවල යෙදී සිටින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්නගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මෙම කම්පන සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මිනිස් කි‍්‍රයාකාරකමක් නිසා මෙම භූ චලන සිදුවන බවට දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් කරුණු අනාවරණය වන බවයි.

0 comments: