
සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.
2012 දෙසැම්බර් 11 අඟහරුවාදා- පෙරවරු 08:02
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (11) ආරම්භ
වනවා. විභාග මධ්‍යස්ථාන 4048කදී අද (11) ආරම්භ කෙරෙන විභාගය අවසන්වීමට
නියමිතව ඇත්තේ මේ මස 20 වැනිදායි. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් පන්ලක්ෂ
42,260 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනවා. ඉන් තුන් ලක්ෂ 87,593 දෙනෙකු
පාසල් අයදුම්කරුවන්. මෙවර විභාගය සඳහා ඉදිරිපත් වන පෞද්ගලික අයඳුම්කරුවන්ගේ
සංඛ්‍යාව එක්ලක්ෂ 54,667ක්. සාමාන්‍ය පෙළ විභාගය අද (11) පෙරවරු 8.30ට
ආරම්භ වන අතර මුලින්ම පැවැත්වෙන්නේ බුද්ධ ධර්මය ඇතුළු ආගමික විෂයන්. විභාගය
සඳහා ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ තැපැල් හැඳුනුම්පත
අනිවාර්ය කිරීමට විභාග දෙපාර්තමේන්තුව කලින් තීරණය කර තිබුණා. එහෙත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මේ වන විට පවතින තදබදය නිසා
සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට
අයදුම්කරුවන්ට විශේෂ පහසුකමක් සලසා දී තිබෙනවා. පාසල් අයදුම්කරුවන් එම
ඡායාරූප දෙක විදුහල්පතිවරයාගේ නිළ මුද්‍රාව සහිතව සහතික කළ යුතු අතර
පෞද්ගලික අයදුම්කරුවන් ග‍්‍රාම නිලධාරීවරයාගේ නිළ මුද්‍රාව සහිතව සහතික කර
ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ලබා ගත යුතු වනවා. විභාග අපේක්ෂකයන්
මෙන්ම නිරීක්ෂකයන්ට ද විභාග ශාලාව ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කරමින්
චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්. මේ අතර, විභාග වංචා පිළිබද තොරතුරු
ක්ෂණික දුරකථන අංක 1911ට දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්
කළේ.කෙසේ වෙතත්, මෙවර විභාගයේ දී ගැටළු ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (11) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමට ප‍්‍රතිචාර දක්වමිනුයි.
0 comments:
Post a Comment