මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එළඹෙන
ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වයට සමුදීමට තීරණය කර
තිබෙනවා. ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින
තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වනු ඇති.
තිලකරත්න දිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග මහේල ජයවර්ධන යළි
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර නව නායකයෙකුට කණ්ඩායම
භාරකරන තුරු කෙටි කාලසීමාවකට තමන් නායකත්වය දරණ බවයි මහේල එහිදී ප‍්‍රකාශ
කළේ. ඒ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු විස්සයි විස්ස
නායකත්වයෙන් ඉවත්වනු ලැබුවා. මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන්
ඉවත්වීමත් සමග බොහෝදුරට උපනායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ
නායකත්වයට පත්වනු ඇති බවයි වාර්තාවන්නේ.
0 comments:
Post a Comment