Lankan Reports

1 st And Fast

Lankan Reports

1 st And Fast

Lankan Reports

1 st And Fast

Lankan Reports

1 st And Fast

Lankan Reports

1 st And Fast

Tuesday, December 18, 2012

කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ස්ථාන දෙකකින් වසයි.


කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ස්ථාන දෙකකින් වසයි.


සෝමාවතිය ප‍්‍රදේශයේ සිට සුංගාවිල දෙසට බෝට්ටුවකින් ගමන් කරමින් සිටි පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා. ඊයේ (18) රාත‍්‍රියේ මොවුන් ගමන් කරමින් සිටි බෝට්ටුව ගසක හැපී පෙරළී ඇති බවයි පුලස්තිපුර පොලීසිය සඳහන් කළේ. බෝට්ටුවේ 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් 10 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බව සදහන්. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතිනවා. මේ අතර පවතින අධික වැසි හේතුවෙන් දැදුරුඔය පිටාර ගැලීම නිසා කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ජයබිම සහ ලූණුඔය ප‍්‍රදේශවලින් වසා දමා තිබෙනවා. ප‍්‍රදේශයේ ෂා වාර්තාකරු සඳහන් කළේ පවුල් 1500ක් පමණ මේ වන විට කොටුව ඇති බවයි. ඔවුන් බේරා ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා. දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් පල්ලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලැන්කැළේ ගම්මානයේ පවුල් 25ක් පමණ සිර වී ඇති බව ෂා වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම පානම - පොතුවිල් ප‍්‍රධාන මාර්ගය කින්කොසුව සහ හීන්කොසුව ප‍්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් පානම ගම්වැසියන් කොටුවීමේ අවධානමක් ඇති බවයි ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

ගල්කිස්ස ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට.


ගල්කිස්ස ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට.


ගල්කිස්ස - කල්දෙමුල්ල ප‍්‍රදේශයේ දී මවකගේ සහ දරු දෙදෙනාගේ පිළිස්සුණු මළ සිරුරු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (18) අත්අඩංගුවට ගත් සැකකරු අද (19) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. බිරිද සමග පැවැති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක වූ 31 හැවිරිදි සචේතනා සඳමාලි සිල්වාගේ සහ ඇයගේ වයස අවුරුදු 3ක් සහ මසක් වයසැති දරු දෙදෙනාගේ පිළිස්සුණු මළ සිරුරු පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය 17 වැනිදායි. ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි.


මිය ගිය කාන්තාවගේ සහ ඇගේ දරු දෙදෙනාගේ මළ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) පැවැති අතර එහිදී මෙම කාන්තාව සහ ඇගේ අවුරුදු 3ක් වයසැති වැඩිමහල් පුත‍්‍රයාගේ මිය යාම ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගෙල සිර කිරීමෙන් මෙම මව සහ වැඩිමහල් පුතු ඝාතනය කර ඇති බවයි. මසක් වයසැති බිළිදා ගිනි රස්නය වැදීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

හලාවතින් මුහුදු ගිය ධීවරයින් 5 දෙනෙකු අතුරුදන්.


හලාවතින් මුහුදු ගිය ධීවරයින් 5 දෙනෙකු අතුරුදන්.


හලාවත  මුහුදු තීරයෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොවුන් මේ මස 16 වැනිදා ධීවර කටයුතු සදහා ඈත දියඹට ගොස් ඇති අතර ඔවුන් පිළිබද ඊයේ (18) වන විටත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි. අතුරුදන් වූ ධීවරයින් හලාවත, සුදුවැල්ල සහ බංගදෙණිය ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් අවුරුදු 32, 34, 41, 43 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

5 fishermen who set sail from Chilaw missing.

5 fishermen who set sail from Chilaw missing.


It has been reported that five persons who had set sail from the Chilaw sea belt for fishing have gone missing.

Police media spokesman's office said that while these fishermen had set sail on 16th far into the sea for fishing, a complaint had been lodged to the effect that no information has been received about them even by now.

The fishermen who have gone missing are residents of Chilaw, Suduwaella and Bangadeniya.

Monday, December 17, 2012

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ විභාගයක්.


සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ විභාගයක්.


දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සහ අද (18) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර කියා සිටියේ අයහපත් කාලගුණය නිසා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ගැටළු මතුව ඇත්නම් ඒ පිළිබදව දෙපාර්තමේන්තුවේ 1911 අංකයට දැනුම් දෙන ලෙසයි.

අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි.


අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි.




අද (18) දිනයේත් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලත්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් මෙන්ඩිස් සඳහන් කළේ දිවයිනේ දකුණු කොටසේ සහ යාබද මුහුදු ප‍්‍රදේශවල පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මීට හේතුවී ඇති බවයි.

සරසවි ඇඳුරන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොරොන්දුවක්.


සරසවි ඇඳුරන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොරොන්දුවක්.


තම වැටුප් ගැටළුව විසදීමට අදාළ චක‍්‍රලේඛය මේ මස අවසන්වීමට පෙර නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දු වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සමග මේ සම්බන්ධයෙන් ඊයේ (17) පස්වරුවේ සාකච්ඡුාවක් පැවැති බවයි. එම සාකච්ඡවෙන් අනතුරුව එළඹි එකඟතාවන් පිළිබද පැහැදිලි කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත්.

ගාලූ කොටුවේ කැණීම්වලින් තවත් මිනිස් ඇටසැකිලි.


ගාලූ කොටුවේ කැණීම්වලින් තවත් මිනිස් ඇටසැකිලි.






ගාලූ කොටු පවුර තුළ සිදුකළ කැණීම්වලදී ප‍්‍රථම වතාවට ලන්දේසි යුගයට අයත් සුසාන භූමියක් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම කැණීම මෙහෙය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරිනී මංජුලා බුලත්සිංහල සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් ද මෙම ස්ථානය ඊයේ (17) පරීක්ෂාවට ලක් කළ බවයි. පසුගිය බදාදා මෙම ස්ථානයෙන් පළමු මිනිස් ඇට සැකිලි හමුවූ බවත්, ඊයේ වන විට තුන් දෙනෙකුගේ මිනිස් ඇට සැකිලි එම ස්ථානයෙන් හමුවී ඇති බවත්, ඇය සඳහන් කළා.

ගල්කිස්සේ පිළිස්සුණු මළ සිරුරු ගැන 10ගෙන් ප‍්‍රශ්න කරයි.


ගල්කිස්සේ පිළිස්සුණු මළ සිරුරු ගැන 10ගෙන් ප‍්‍රශ්න කරයි.





ගල්කිස්ස - කල්දේමුල්ල ප‍්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුණ මළ සිරුර 3 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (18) පැවැත්වීමට නියමිත බවයි. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන මෙම මළ සිරුරු 3 හමුවුණා. මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව සහ කුඩා ළමුන් දෙදෙනෙක්. මවගේ වයස අවුරුදු 31ක් වන අතර, මිය ගිය දරුවන් දෙදෙනා අවුරුදු 3ක් සහ මාසයක් වයසැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. මොවුන් මිය ගිය ආකාරය සම්බන්ධයෙන් සැකසහිත බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මිය ගිය මව මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක බව ද සඳහන්.

Special exam for Ordinary level students affected by weather


Special exam for Ordinary level students affected by weather


Commissioner General of Examinations W.M. N. J. Pushpakumara said Steps have been taken to conduct a special exam for those who were unable to sit for the G.C.E. Ordinary Level examination yesterday and today due to adverse weather conditions.



Heavy rains in several areas in the island today as well.


Heavy rains in several areas in the island today as well.


The Department of Meteorology however states that heavy showers may be experienced in most parts of the island today as well.
Duty Meteorologist of the Met Department Jeewan Karunarathna speaking to our news team expressed the following views.

A pledge from finance ministry secretary to University teachers.

A pledge from finance ministry secretary to University teachers.


The Federation of University teachers said that the Finance Ministry Secretary promised to issue the circular relevant to solving their salary issue before the end of this month.
FUTA general secretary Dr. Terence Madhujith said that a discussion was held with Finance Ministry Secretary Dr. P. B. Jayasundara with regard to this last afternoon.
FUTA general secretary Dr. Terence Madhujith explaining about the agreements reached at the end of the discussion:

More human skeletons from Galle fort excavations.


More human skeletons from Galle fort excavations.


The archaeological department says that for the first time a cemetery belonging to the Dutch period had been found at the excavations carried out within the Galle Fort parapet wall.
Archaeological Department Excavations Officer who executed this excavation Manjulaa Bulathsinhala said that a team including Archaeological Department Excavations Director too had inspected the site yesterday.
The Excavations Officer said that the first human skeleton had been found at this location last Wednesday and that by ye

Statements from 10 persons regarding the 3 scorched bodies


Statements from 10 persons regarding the 3 scorched bodies




Statements have been obtained from about 10 persons with regard to the recovery of three scorched dead bodies from a house in Kaldemulla, Mt. Lavinia.

Police Media spokesman SSP Prishaantha Jayakody said that the post-mortem of the dead were scheduled to be held today.

The three bodies were found on information received at the Police Emergency Call Unit last morning.

A mother and her two children were killed when a fire had erupted at the house.

The police media spokesmen said that while the mother was aged 31 years, the children were aged three years and one month.

කඩුවෙල - වැලිවිට රිය අනතුරින් 4 ක් මරුට. 10 කට තුවාල.


කඩුවෙල - වැලිවිට රිය අනතුරින් 4 ක් මරුට. 10 කට තුවාල.


කොළඹ - කඩුවෙල මාර්ගයේ වැලිිවිට මංසන්ධියේදී ඊයේ රාත‍්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීවිතක්‍ෂයට පත්වූවන් අතර කාන්තාවක් දෙදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ. තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය සඳහන් කළා. කොළඹ සිට කඩුවෙල දෙසට ගමන් ගත් වෑන් රථයක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී කඩුවෙල සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක සහ ලොරි රථයේ එම වෑන් රථය ගැටී තිබෙනවා. වෑන් රථයේ පැමිණි පිරිස යටියන්තොට ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ නිවසක පැවති උත්සවයකට සහභාගි වී ආපසු යමින් සිටියදියි මෙම අනතුර සිදුවී ඇත්තේ. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

මේ අතර නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ ලිස්සා යෑමෙන් පසුව පසුපසින් පැමිණි වෑන් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය පුද්ගලයා කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

WFP pledges Rs. 4,524 million food aid


WFP pledges Rs. 4,524 million food aid


The United Nations World Food Programme has agreed to provide Sri Lanka food items worth 4,524 million rupees during the next two years.
WFP Resident Director Mads Lofvall handed over the related document to Economic Development Minister Basil Rajapaksa at the ministry office.
The financial assistance from January 1st, 2013 to December 2014 is expected to cover maternal and child nutrition, food for those whose work involves risk, lunch for school children, benefiting a total of 325 thousnd per year.
Minister Basil Rajapaksa expressed appreciation for WFP assistance given to strengthen the Divineguma programme and develop Sri Lanka’s agriculture.

Mother & two children killed in Rathmalana blaze


Mother & two children killed in Rathmalana blaze



A mother and her two children were killed after a fire had erupted at a house in Kaldemulla, Ratmalana this morning.

It has been reported that the charred bodies of the three were found on the bed inside the house.

The police stated that the deceased mother is 31 years old and the 2 children are said to be 1 year and 1 month respectively.

Police are conducting further investigations.

UNP & JVP condemn limitless taxation on fuel prices


UNP & JVP condemn limitless taxation on fuel prices


JVP stated that continuation of imposing taxes on Petrol had become the only income for the government.
MP Anura Kumara Dissanayake expressed more views on this matter during a media briefing today.
United National Party also expressed their opinion on the price increase of Petrol during a media briefing held today.
UNP Media Spokesperson Gayantha Karunathilaka speaking during the briefing had this to say,

450 university students stranded at Hanthane rescued.


450 university students stranded at Hanthane rescued.


Military media spokesman Brigadier Ruwan Wanigasuriya said that more than 450 students of two universities who had got stranded in a trip to cross the Hantana mountain range had been rescued.
The military media spokesperson said that while these students from the Vavuniya and Sri Jayewardenepura Universities had thus crossed the Hantaana Mountain last morning, they had got stranded due to the heavy fog, rain and cold weather.
Military media spokesman Brigadier Ruwan Wanigasuriya said that the army had carried out the rescue operation with the cooperation of the Kandy, Peradeniya and Galaha police stations.
The Kandy hospital spokesperson said that currently 43 rescued students were receiving treatment as internal patients.
Reports say that while there are 42 girls among these students, they receive treatment at the hospital due to the extreme chill.
All the other rescued students have by now been released from the hospital after being admitted to the Kandy hospital and given emergency treatment.

2 walapane routes blocked as a result of earth slips; Heavy rains island wide today as well.


2 walapane routes blocked as a result of earth slips; Heavy rains island wide today as well.


The meteorology department says that rain could be expected in all areas today as a result of a minor turbulent condition that has occurred in the island's southern atmosphere.
Meteorologist in charge Channa Rodrigo told our news team that windy condition could also accompany the rain.
Meanwhile transport has been impeded on two main roads in Walapaney as a result of the heavy rain experienced at the central hills.
Nuwara Eliya District Secretay D. P. G. Kumarasiri told our news team that he would request the Walapaney residents to be vigilant.

Operations from today to arrest those who obtain ransom from buses.


Operations from today to arrest those who obtain ransom from buses.


The National Transport Commission says that jointly with the police a special programme will be implemented from today for arresting persons who obtain ransom from buses.
NTC Chairman Roshan Gunawardhana said that legal action would be taken against persons obtaining ransom as well as relevant bus conductors.
While the first phase of this operation will be implemented in the Polonnaruwa, Mahiyanganaya and Badulla districts, it is planned  to extend it to other districts as well subsequently.

4 killed in a kaduwela - waliwita vehicular accident; 10 wounded


4 killed in a kaduwela - waliwita vehicular accident; 10 wounded


Four persons were killed and 10 others wounded in vehicle accident that had taken place at the Waliwita junction on the Colombo - Kaduwela road  last night.
Police media spokesman's office said that there were two small children among the wounded.
A van plying from Colombo towards Kaduwela had collided against a bus and a lorry that had been plying from Kaduwela towards Colombo while the said van was attempting to overtake the bus and the lorry.
The police media spokesman's office said that among those killed was a woman.
Those who had travelled in the van were residents of Yatiyantota.

Saturday, December 15, 2012

දිඹුලාගලින් සොයාගත් අමුතු පාෂාණ කොළඹට.


දිඹුලාගලින් සොයාගත් අමුතු පාෂාණ කොළඹට.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ගල් තලාවකට ආලෝක ධාරාවක් සමඟ හඳුනා නොගත් පාෂාණ කොටස් කිහිපයක් පතිත වී ඇති බව ඊයේ වාර්තාවුණා. පෙරේදා අළුයම 03 ට පමණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව ප‍්‍රදේශයේ වැඩ සිටි භික්ෂූණ් වහන්සේලා උල්කා වර්ෂාවක් වැනි යමක් ගල්තලාවට ඇද වැටෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා. අනතුරුව පසුදා උදෑසන අදාල ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී මෙලෙස හඳුනා නොගත් පාෂාණ කොටස් කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තාවුණේ. මෙම පාෂාණ කොටස් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන පූජ්‍ය පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන්.

මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කළේ මෙම සිද්ධිය තමන් වෙතද වාර්තා වී ඇති බවයි. ඒ අනුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ නිලධාරියෙක් පිටත් කර යැවීමට කටයුතු කළ බව වෛද්‍ය අනිල් සමරනායක තවදුරටත් සඳහන් කළා.

Minister speaks of an agenda to destabilize the country using intellectuals

Minister speaks of an agenda to destabilize the country using intellectuals


Minister of Agriculture Mahinda Yapa Abeywardana stated that there is an attempt to destabilize the country using intellectuals.

Speaking at an event that was held in Gannoruwa yesterday regarding the heated situation which arose at the Annual General Meeting of the Bar Association stated that professionals should safeguard their respect.

Japan Votes in Key Parliamentary Polls


Japan Votes in Key Parliamentary Polls


Japanese voters are casting ballots in parliamentary elections that analysts say could return once-dominant conservatives to power after three years of center-left rule.

Pre-election polling by major Japanese newspapers show the conservative Liberal Democratic Party -- led by hawkish former Prime Minister Shinzo Abe -- in line to win the majority of seats in the 480-member lower house of parliament.

An LDP win would bring in a government promising a tough stance with China over territorial disputes in the Pacific.

Examinations Commissioner makes complaint to CID


Examinations Commissioner makes complaint to CID


The Examination Commissioner General has lodged a complaint with the CID with regard to an incident where a model paper had been provided for the Science question paper number 01 which was held yesterday.

The Ministry of Education previously decided to prohibit the issuing of model papers within one week from an examination to curb examination fraud.

However, a group of parents in Colombo had complained to the Examinations department that a teacher had provided a model paper for the science exam upon which the Examinations Commissioner General has requested the CID to conduct an investigation.

Meanwhile, Secretary of the Lanka Teachers Association stated that investigations should be carried out in to the incidents and the truth should be conveyed to the students.

Friday, December 14, 2012

දෝෂාභියෝගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කඩිනමින් අභියාචනාධිකරණයට.


දෝෂාභියෝගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කඩිනමින් අභියාචනාධිකරණයට.


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් තම මතය කඩිනමින් අභියාචනාධිකරණය වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප‍්‍රකාශ කළා. මෙම තේරීම් කාරක සභාවට අධිකරණ බලයක් නොමැති බව පවසමින් ඉදිරිපත් වූ පෙත්සම් 7ක් අද (14) දිනයේත් සලකා බැලූණේ නිමල් ගාමිණී අමරතුංගගේ ප‍්‍රධානත්වයෙන් යුත් ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදියි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කි‍්‍රයාපටිපාටියට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට මැදිහත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 7ක් විභාගට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) අවසර ලබා දුන්නේ නැහැ.
එහෙත් එම පෙත්සම්වලට අදාළ  නීතිඥවරුන්ට අද (14) දිනයේ දී කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ප‍්‍රකාශ කළා. ඒ අනුව එම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද (14) දිනයේ කරුණු දක්වා තිබෙනවා.  වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි නීතිපතිවරයා ද අද (14) දිනයේ සිය කරුණු දැක්විම් අවසන් කළා.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කි‍්‍රයාපටිපාටියට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය.     

                                          

ජනාධිපති නීතිඥ රසීක් සරූෆ් මුල් පෙත්සම් 7ට මැදිහත්වීමට ඉල්ලා පසුව ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක්. අද (14) දිනයේ නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට ඔහු මෙලෙස අදහස් දක්වා සිටියා.

හිරු, නාග නළඟනගේ ඇත්ත හෙළි කර ගනී.


හිරු, නාග නළඟනගේ ඇත්ත හෙළි කර ගනී.


නාගයෙකු ළඟ තබාගැනීමේ සිද්ධියත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිරෝෂා විමලරත්න හෙවත් නළඟන පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා තොරතුරු රැසක් හෙළිදරව් වුණා. මේ හේතුව නිසා හිරු ප‍්‍රවෘත්ති අංශය ඇය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලූ අතර, එහිදී අප සොයා ගත් තොරතුරු හා නළඟන හෙළිකළ තොරතුරු අතර පරස්පරතා රැසක් පැවතුණා.

නිරෝෂා විමලරත්න නැමැති තරුණිය කරළියට පැමිණියේ කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් සමගයි. ඒ අනුව පසුගිය අගෝස්තු 28 වන දා කොල්ලූපිටිය පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගත්තා. ඒ, ඇයගේ නාගයා ද සමගින්. ඉන් අනතුරුව ඇයට පොලිසිය විසින් නඩු පැවරුණු අතර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝෂා විමලරත්න ඇප මත නිදහස් කෙරුණා. ඇය සතුව සිටි නාගයා දෙහිවල සත්ත්වෝද්‍යානයට යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වෙතත් ඇය මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කර තිබුණේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. නමුත් නිරෝෂා විමලරත්නගේ උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ ඇගේ මව මෙරට උපන් සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ ලෙසයි. නිරෝෂා මාධ්‍යයට සඳහන් කළේ ඇය 8 වන ශ්‍රේණිය දක්වා මෙරට අධ්‍යාපන හැදෑරූ බව සහ ඉන් පසුව ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය පිටත්ව ගිය  බවයි. 2007 වසරේ දන්තුරේ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රතිඵල ලේඛනයේ සදහන් වනවා.

 ඇය තමාට නාගයා ලැබුණේ මහනුවර - දොඩම්වල දේවාලයේ භාවනා කරමින් සිටින අතුරතුරදී බව ප‍්‍රකාශ කළත් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ ඇය ගාලූමුවදොර පිටියට පැමිණෙන අහිකුණ්ටක පුද්ගලයෙකුගෙන් මෙම නාගයා මිලදී ගත් බවයි. රුපියල් 20,000කට නාගයා මිලදී ගෙන තිබුණේ භාරයක් ඔප්පු කිරීමට යැයි  පවසමින්.

මේ අතර, මහනුවර - දොඩම්වල දේවාලයේ දී නාගයා තමන්ට හමුවූ බව නිරෝෂා පවසන නිසා අප එම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන ඩබ්ලිව්.ජී. දසනායකගෙන් ඒ පිළිබදව විමසීමක් කළා.

 මෙම පරස්පර විරෝධී අදහස් දැන ගැනීම සඳහා හිරු ප‍්‍රවෘත්ති අංශය නිරෝෂා විමලරත්න ඊයේ (14) දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එහිදී ඇය දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

තඹුත්තේගම සාදයක් අවසානයේ අයෙක් මරුට.



තඹුත්තේගම සාදයක් අවසානයේ අයෙක් මරුට.


තඹුත්තේගම - උත්සහන කොටස, යාය 01 ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උපන් දින සාදයකට සහභාගි වෙමින් සිටි ඔහුට  ඊයේ (14) රාත‍්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එහිදී බරපතල තුවාල ලැබූ ඔහු රාජාංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. සැකකරුවන් සහ අපරාධ සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලීසිය සඳහන් කළා.  

පෙට‍්‍රල් මිල රුපියල් 10කින් ඉහළට.


පෙට‍්‍රල් මිල රුපියල් 10කින් ඉහළට.


පෙට‍්‍රල් මිල ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 10කින් වැඩි කර තිබෙනවා. ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් මිලයි මෙලෙස ඉහළ නංවා ඇත්තේ. ඒ අනුව එම පෙට‍්‍රල් මිල රුපියල් 159 දක්වා ඉහළ යනවා. පෙට‍්‍රල් මිල අවසන් වරට වැඩි කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදායි. පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවනු ලැබුවා. කෙසේ නමුත් මෙවර ඞීසල් හෝ භූමි තෙල් මිල ඉහළ නංවා නැහැ. එමෙන්ම ඞීසල් ලීටරයක මිල රුපියල් 115ක් ලෙස ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106ක් ලෙස ද තවදුරටත් පවතිනු ඇති.

Supreme Courts decision concerning impeachment to reach appeals court shortly


Supreme Courts decision concerning impeachment to reach appeals court shortly


The Supreme Court stated today that its decision regarding the Parliamentary Select Committee which investigated the impeachment motion against Chief Justice Dr. Shirani Bandaranaike would be forwarded to the appeals court shortly.

The petitions filed in this regard were taken up before a three judge panel consisting justices Nimal Gamini Amarathunga, K. Sri Pawan & Priyasad Depp.

7 petitions filed challenging the PSC as well as another 7 petitions urging court to intervene on their behalf were taken up before the Supreme Court yesterday.

However court did not grant permission to intervene on behalf of the latter petitions yesterday.

Subsequent to the presentation of further facts by Attorney General Palitha Fernando who has been cited as a respondent, the petitions were arbitrated before court today.

Attorney at law Krishmal Warnasooriya who appeared on behalf of the petitions filed against the process adopted by the PSC expressed his views to the media in the following manner.


The 7 petitions challenging the role of the PSC were filed by various civil & political institutions.

President's counsel Razeek Farook who appeared on behalf of the petitions expressed his views to the media followed by the day's proceedings.

End of world a myth


End of world a myth


Several views have been expressed with regard to the end of the world throughout the recent past.

However the first such remark had been made around 2900 years ago during the Sumerian civilization and then such views were emanated as a result of the calendar of the Mayans.

However, NASA issuing a statement stated that December 21st only marked the end of a cycle in the Mayan calendar and another cycle would begin subsequently.

We inquired regarding this from Astrology Scientist Kawan Ranatunga.

Special General Meeting of the Sri Lanka Bar Association at Hultsdorf today


Special General Meeting of the Sri Lanka Bar Association at Hultsdorf today


Sri Lanka Bar Association will be holding a special general meeting today to discuss about the future steps that need to be taken regarding the impeachment against the Chief Justice.

The SLBA stated that all its members have been invited to take part in this meeting which is scheduled to be held at the Colombo Supreme Court Complex grounds.

It is reported that a proposal regarding the independence of the Judiciary presented by the membership is also scheduled to be approved.

Price of Petrol increases by 10 rupees


Price of Petrol increases by 10 rupees


The price of Octane 90 Petrol has been increased by 10 rupees with effect from midnight yesterday.

The last occasion the price of petrol was increased was on the 29th of October and at that time the price of petrol was increased by 12 rupees along with the prices of Diesel by 8 rupees and Kerosene by 10 rupees.

However, on this occasion, the prices of Diesel and Kerosene have not been increased and therefore the prices of a liter of Diesel and Kerosene will remain at 115 rupees and 106 rupees respectively.

Truth behind the Exotic Cobra Dancer revealed


Truth behind the Exotic Cobra Dancer revealed


During the recent past information regarding the exotic dancer Nirosha Wimalarathne has been published in the media following her involvement in the incident concerning a cobra.

However upon inquiry by our news team many discrepancies were uncovered regarding what was expressed by her and what was discovered by our news team.

Nirosha Wimalarathne first came into media spotlight after the police received an emergency call stating that an exotic dancer was performing in a night club in Colpetty with a cobra.

She was arrested by the Colpetty police on the 28th of August and her cobra was also confiscated by the police and she was subsequently released on bail by the Colombo Fort Magistrate’s Court and the cobra was handed over to the Dehiwala Zoological Gardens by the authorities.

Although Nirosha Wimalarathne had stated to the media that her mother was of Indian origin, her birth certificate states that her mother is Sri Lankan.

She had also stated to media that she studied in Sri Lanka till grade 8 and that she then left for India to complete her studies.

However, according to the results released by the department of examinations, she has sat for her O/Level examination at the Danthure examination centre in 2007.

Although she had stated that she had obtained the cobra while meditating at the Dodamwala Dewalaya in Kandy, it has been revealed that she had purchased the cobra from a gypsy for 20 thousand rupees.

When our news team spoke top Nirosha Wimalarathne regarding these discrepancies she gave the following response.

Wednesday, December 12, 2012

අම්පාරේ භූ චලන දිවා කාලයේ පමණයි. විශේෂ පරීක්ෂණයක්.


අම්පාරේ භූ චලන දිවා කාලයේ පමණයි. විශේෂ පරීක්ෂණයක්.


අම්පාර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වුණු විවිධ භූ කම්පන දහවල් කාලයට පමණක් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ භූ කම්පන ඇති වීමද එක් කාලසීමාවක් යටතේ එකම රටාවකට සිදුවන බවයි. කෙසේ වෙතත්, ඇතිවන භූ කම්පන සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළා.

 අම්පාර දිස්ත‍්‍රික්කයේ දේවාලහිඳ, ගල්කන්ද, පල්ලම්ඔය, කියුලේගම සහ වඩිනාගල යන ප‍්‍රදේශවලින් පසුගිය දිනවල විවිධ භූ කම්පන වාර්තා වුණා. එම සියලූ භූ කම්පන වාර්තා වූයේ දහවල් කාලයේයී. කෙසේ වෙතත්, ඉකුත් සඳුඳා දිනයේ දහවල් කාලයේ දේවාලහිඳ ප‍්‍රදේශයට එම භූ කම්පන තත්ත්වය නැවතත් ඇතිවුණා. මේ, එදින හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.

 අම්පාර දිස්ති‍්‍රක්කයේ විටින් විට වාර්තා වන මෙම භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය 03 වැනිදා එම ප‍්‍රදේශයට භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් පිටත්ව ගියා. තවමත් එම පිරිස් එහි පරීක්ෂණ සිදුකරන අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප‍්‍රදේශයේ සවි කිරීමට ඔවුන් පියවර ගනු ලැබුවා.

පරිභෝජනයට නුසුදුසු කරවල 7000Kg ක් අල්ලයි.


පරිභෝජනයට නුසුදුසු කරවල 7000Kg ක් අල්ලයි.


පරිභෝජනයට නුසුදුසු කරවල කිලෝග‍්‍රෑම් 7000 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගත්තා. රුපියල් ලක්ෂ 52 ක් පමණ වටිනා මෙම කරවල තොගය ගනු ලැබුවේ පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ගබඩා කර තිබියදීයි. ඒ අතර වියලි හාල්මැස්සන් කිලෝග‍්‍රෑම් දහසක්, මෝර සහ හුරුල්ලා කරවල කිලෝග‍්‍රෑම් දහසක් සහ කූණිස්සන් කිලෝග‍්‍රෑම් 1500 ක්ද වන බව සඳහන්. උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය සිදුකළ වැටලීමකට අනුවයි මෙම කරවල තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.


මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි.


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එළඹෙන  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වනු ඇති. තිලකරත්න දිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග මහේල ජයවර්ධන යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර නව නායකයෙකුට කණ්ඩායම භාරකරන තුරු කෙටි කාලසීමාවකට තමන් නායකත්වය දරණ බවයි මහේල එහිදී ප‍්‍රකාශ කළේ. ඒ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වනු ලැබුවා. මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග බොහෝදුරට උපනායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වනු ඇති බවයි වාර්තාවන්නේ.

ADMIN

ADMIN-

In future we will upload Sports,Business ,Entertainment News.& more functions.we will upload all of them on 2012 December - 20 th..Be with us . On January 1 st We keep a big step forward..
                                                                                                              Thank you
                                                                                                                 Admin

Mathews ready to accept leadership role.


Mathews ready to accept leadership role.


Angelo Mathews has expressed enthusiasm for the leadership role and appears ready to take over the captaincy once Sri Lanka's current Test captain Mahela Jayawardene, steps down.

Jayawardene accepted the post reluctantly in January, and has seemed eager to be rid of the reins ever since.

Mathews who is already Sri Lanka's T20 captain says, that he thinks this is totally up to the selectors, and if they think he’s ready for the captaincy, then he is.

However, he added that at the moment, it doesn't really matter since Mahela's been a great captain for years, but if the selectors think he’s ready - it's up to them

Ampara tremors only during day times; a special probe.


Ampara tremors only during day times; a special probe.


Geological and mines bureau has begun a special probe with regard to various tremors occurring in the Ampara District being reported only during day time.

Geological and mine excavations bureau chairman Dr. N. P. Wijayananda told our news team that the occurrence of earth quakes too was taking place within a certain period of time and according to a certain pattern.

However the chairman said that investigation about the earthquakes that occur would continue without interruption.

Is the impeachment according to the constitution? Petitions requesting for an interpretation considered today.


Is the impeachment according to the constitution? Petitions requesting for an interpretation considered today.


Seven petitions that have been filed requesting for an interpretation with regard to the impeachment procedure will be considered before the Supreme Court today.

The Appeal Court had referred to the Supreme court the seven petitions that had been earlier filed before the Appeal Court challenging the impeachment procedure for obtaining an interpretation as to whether the impeachment procedure was in accordance with the constitution.

It is in accordance with this these seven petitions are scheduled to be taken up before the Supreme Court today.

While these petitions will be considered before a Supreme Court three-member bench of judges, Justices Nimal Gamini Amaratunga, K. Sripavan and Priyasaad Dep constitute the three-member bench of judges.

Meanwhile a Monk and four other persons have submitted five petitions before the Supreme Court requesting that investigation of the said seven petitions be refused.

The five petitions say that an interpretation is not required as the PSC on impeachment has been appointed in accordance with the constitution.

Similarly two petitions have been filed before the Supreme Court saying that Justice Nimal Gamini Amaratunga who is a member of the three-member bench which considers the relevant petition was not suitable for serving on the bench.

The petition says that Justice Nimal Gamini Amaratunga constituting the three-member bench is a member of the Judicial Services Commission.

The statement the President had recently made to the effect that steps would be taken to have the impeachment report re-investigated by an independent committee has by now  become an important topic at political platforms.

Participating at a media briefing held in Colombo yesterday UNP MP Karu Jayasuriya too expressed his views with regard to the subject.

On this occasion the MP said that it would be important for the people and the country if the President would reinvestigate it through an independent committee.


President of the Bar Association, President's Council Wijedasa Rajapaksa noted that the president's proposal had provided attorneys with a new glimmer of hope.

දෝෂාභියෝගය ගැන නව කථිකාවක්.



දෝෂාභියෝගය ගැන නව කථිකාවක්.


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව යළි අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන සළසා නැතැයි අධිනීතීඥ එස්.එල්. ගුණසේකර පවසනවා. කෙසේ වෙතත් කැළණිය විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නලින්ද සිල්වා පවසන්නේ ජනාධිපතිවරයාට මෙවැනි කමිටුවක් හරහා යළි සොයා බැලීමක් සිදුකිරීමට ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන සළසා ඇති බවයි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරිමට තමන් සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එම වාර්තාව පිළිබඳව ස්වාධීන කමිටුවකින් යළි විමර්ශනයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් අධිනීතීඥ එස්.එල්. ගුණසේකර ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහසයි මේ.

 එහෙත් මහාචාර්ය නලින් ද සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට මේ පිළිබඳ තම ස්ථාවරය මෙලෙස ප‍්‍රකාශ කළා.

මේ අතර, අද (12) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීද අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. විපක්ෂයේ සාමාජිකයන් 04 දෙනා ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පසුගිය 08 වැනිදා පෙරවරු 10 න් පසුව බව මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දෝෂාභියෝග කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාර දුන්නේ එදින පෙරවරු 09 ට පෙර බවද එහි දැක්වෙනවා. ඒ අනුව වාර්තාව භාර දෙන විට විපක්ෂයේ 04 දෙනාද කමිටුවේ නීත්‍යානුකූල සාමාජිකයන්. එහෙත් ඔවුන් නොසලකා හැර වාර්තාව ඉදිරිපත් කිරීමෙන් එහි වලංගුතාවක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අද සම්මත කෙරුණු ස්වාධීන කමිටු යෝජනාව පිළිබඳව පැහැදිලි කරන එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක.


      කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති තේරීම් කමිටු වාර්තාව ඉල්ලා අස්කර ගත යුතු බවයි. මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක.
ශ‍්‍රි ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසන්නේ ජනාධිපතිවරයාගේ ස්වාධීන කමිටු යෝජනාවත් සමග නීතීඥවරුන්ට නව බලාපොරොත්තුවක් මතුව ඇති බවයි.

 

එ.ජා.ප. ය තවත් 6 කගේ සාමාජිකත්වය අත්හිටුවයි.


එ.ජා.ප. ය තවත් 6 කගේ සාමාජිකත්වය අත්හිටුවයි.


2013 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ජනවාරි 10 වැනිදායින් පසුව සිදුකිරීමට අද (12) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය, ජාතික සංවිධායක ධුරය ඇතුළු අනෙකුත් තනතුරු එලෙස පත් කෙරෙනු ඇති. පක්ෂ නායකත්වය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් පසුගියදා සම්මත කරගත් අතර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව මහ ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා පත් කරන්නේ පක්ෂ නායකත්වය විසින්. එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ජනවාරි 07 වැනිදා සිට ආරම්භ කිරීමටද අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.



මේ අතර පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 54 වන සම්මේලනයෙන් පසු සම්මේලනය එහිදී ගත් තීරණ විවේචනය කළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද අද (12) තීරණය කෙරුණා. පඩුවස්නුවර  ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඒ අතර සිටින අතර පන්නල, බියගම, ඉංගිරිය සහ උඩුබැද්දාව ප‍්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුද ඊට අයත්. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක.

සියයට 10 ක බස් ගාස්තු වැඩිවීමක්.


සියයට 10 ක බස් ගාස්තු වැඩිවීමක්.


ලබන වසරේ පෙබරවාරි මස මුල් සතිය වනවිට ස්ථිර වශයෙන්ම සියයට 10 ක බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් අංජන ප‍්‍රියන්ජිත් සඳහන් කළේ සාධාරණ බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවන බවයි.


                   කෙසේ වුවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ පිළිබඳ දක්වන්නේ වෙනත් අදහසක්.
බස් සංගම් සිදුකරන මෙම ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී. බී. රත්නායකගෙන්ද විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බස් ගාස්තු වැඩිවීමක් පෙබරවාරි මාසය වනවිට ලබාදීමට නියමිත බවයි. එහෙත් ගාස්තු වැඩිකිරීමේ ප‍්‍රතිශත තීරණය කරන්නේ අමාත්‍යාංශය මිස බස් සංගම් නොවන බවද ඔහු අවධාරණය කළා.


නීතීඥවරුන් රට පුරා විරෝධතාවයක. කමිටු යෝජනාවෙන් අලූත් බලාපොරොත්තුවක්.


නීතීඥවරුන් රට පුරා විරෝධතාවයක. කමිටු යෝජනාවෙන් අලූත් බලාපොරොත්තුවක්.


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වී තිබූ දෝෂාභියෝගය විමර්ශනය කළ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් දිවයින පුරා නීතීඥයින් සිය සේවා කටයුතුවලින් ඉවත්වී අද උදෑසන පැයක කාලයක් විරෝධතාවයක නිරතවුණා. පෙරවරු 10 සිට 11 දක්වා පැවති මෙම විරෝධතාවයට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයට අනුබද්ධ නීතීඥ සංගම් 80 ක පමණ සාමාජිකයින් 14000 ක් පමණ එක්ව සිටි බවයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ප‍්‍රකාශ කළේ. මෙම කාලයේදී අධිකරණ තුළ නඩු විභාග කටයුතු සිදු නොවූ බව හිරු අධිකරණ වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා. උතුරු පළාතේ මෙන්ම මහනුවර, කොළඹ - කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ නීතීඥවරුන් සිය රාජකාරිවලින් බැහැරවීම නිසා අද දිනයේ එම අධිකරණ තුළ නඩු විභාගයට ගැනීම සිදු නොවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම ගාල්ල දිසා අධිකරණයේ සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ද මේ වනවිට රාජකාරි කටයුතුවලින් බැහැරවී සිටිනවා.  අද පෙවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ.

        

බලපිටිය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතීඥවරුන් පිරිසක් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයට පක්ෂව තවත් විරෝධතාවයක් ඒ ආසන්නයේම පැවැත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරුන් පිරිසක් සහ තවත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කිහිපදෙනෙකුද ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී අනිල් ප‍්‍රියන්ත.



කෙසේ වෙතත් නීතීඥවරුන් විසින් අද පැවැත්වූ විරෝධතාවය නිසා නඩු විභාග සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ. නඩු විභාගයට වැල්ලවාය අධිකරණ සංකීර්ණය වෙත එලෙස පැමිණි ජනතාවගෙන් කිහිපදෙනෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට තමන් මුහුණ පෑ අපහසුතාවයන් මෙලෙස පැහැදිලි කළා.



මේ අතර දෝෂාභියෝග ක‍්‍රියාවලිය පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා යොමුකළ පෙත්සම් 7 ක් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සළකා බැලෙනවා. එම පෙත්සම් සළකා බැලීමේ විනිසුරු මඩුල්ලේ සිටින නිමල් ගාමිණී අමරතුංග ඊට නුසුදුසු යැයි පවසා පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ගොනු කෙරුණා. හිමි නමක් සහ මහර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරියක් විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ලේ සිටින විනිසුරු නිමල් ගාමිණී අමරතුංග අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු බවයි.

Obstructions to court activities in several areas; A one hour protest islandwide tomorrow as well.


Obstructions to court activities in several areas; A one hour protest islandwide tomorrow as well.


Court activities were faced with obstruction as a result of lawyers in various areas boycotting their duties in protest against the impeachment against the Chief Justice.

While lawyers in several courts have decided to refrain from their duties tomorrow as well, lawyers island-wide will engage in a one-hour agitation.

Lawyers at the Colombo High Court, Colombo Fort Magistrate's Court and District Court are scheduled to refrain from their duties the whole of tomorrow.

Colombo High Court Bar Association Secretary Attorney-at-law Karunaratne Lansaakaara spoke to our news team with regard to the boycott as follows:


In addition while a special meeting of the High Court Bar Association will be held tomorrow, the decision with regard to the line of action they will adopt in the future will be taken at this meeting.

In addition Northern Province lawyers have decided to refrain from their duties from today till Friday.

In addition lawyers of the Galle, Matara and Mt. Lavinia district courts refrained from their duties.

In addition a group of lawyers had also convened a media conference in Colombo today.

Participating at the media briefing Attorney-at-law J. C. Weliamuna said that the BASL had officially decided to refrain from their duties for one hour from 10 to 11 tomorrow morning.


The line of action that should be adopted in the future with regard to the impeachment against the Chief Justice will be decided upon at the BASL general convention that has been convened for 15th this month.    

Japanese national who used Panda instead of lion in the National Flag arrested.


Japanese national who used Panda instead of lion in the National Flag arrested.


The Mount Lavinia police arrested a Japanese who was alleged to have printed a distorted version of the Sri Lankan national flag on post cards.

The man had distorted the national flag by replacing the image of the lion with a panda.
He was produced before the Mount Lavinia Magistrate and was remanded until the 20th of this month.
He was arrested at the Mount Lavinia Post Office while in the process of mailing the 42 post cards to Japan.

UNP's year end working committee meeting today.


UNP's year end working committee meeting today.


The year end working committee meeting of the United National party will be held today at the party head quarters Sirikotha today.
UNP General Secretary MP Thissa Aththanayaka stated that views will be obtained from party members with regard to the activities for year 2013.


Kandy fire reveals suspicious body


Kandy fire reveals suspicious body


Kandy police have started a special investigation on the body found near the four shops that were burnt down in D. S. Senanayake road in Kandy.
Two jewellery shops and two building material shops caught fire today around 3.30 a.m.
The police stated that the body was discovered during the investigations.
The deceased was identified as Periyanannan Naguleshwaran. The 35 year old victim was a resident of Mahakanda – Hindigala area.
Periyanannan Naguleshwaran, had been involved in a fight with one of the owners of a jewellery shop.
The preliminary investigations have revealed that the suspect had set the jewellery shop on fire.
The police stated that the suspect had then committed suicide by consuming poison because he had thought that he had been identified by the villagers.


JVP dissentious regarding independent committee


JVP dissentious regarding independent committee


The president's announcement which was made yesterday stating that an independent committee would be appointed to investigate the parliamentary select committee's report on the chief justice has been met with several responses.
Expressing his views yesterday President Rajapaksa added that he was prepared to appoint an independent committee in this regard.
Meanwhile UNP MP Thissa Aththanayeke speaking yesterday expressed his pleasure regarding the president's proposal.
However JVP parliamentarian Anura Dissanayeke opposed the president's decision regarding an independent committee.
As opposed to this background President of the Bar Association, President's Council Wijedasa Rajapaksa noted that the president's proposal had provided attorneys with a new glimmer of hope.